September 28, 2016

මීතොටමුල්ලේ කුණු කන්ද පුත්තලමට

මීතොටමුල්ලේ කුණු කන්ද පුත්තලමට
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ කුණු කන්ද පුත්තලම අරුවක්‌කාලු ප්‍රදේශයට ගෙනයාම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබේ.

ඒ අනුව අක්‌කර 17 ක්‌ පුරා පැතිරී ඇති මෙම කුණු කන්දේ කුණු අරුවක්‌කාලු ප්‍රදේශයේ හුණු ගල් වළවල් වසා දැමීම සඳහා යොදා ගැනීමට නියමිත බවද වාර්තාවේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි මහතා සඳහන් කර ඇත්තේ බස්නාහිර පළාතේ කැළි කසළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවීමට අමාත්‍ය මණ්‌ඩල අනු කමිටුවක්‌ පත් කර මේ වන විට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි. 

කොළඹ මහ නගර සභාව තුළ දිනකට කුණු ටොන් 800 ක්‌ පමණ එකතුවන අතර එම කුණු කොළොන්නාවේ කුණු කන්ද ගෙන එනු ලබයි. මේ වන විට කුණු කන්දේ කසළ ටොන් මිලියන 3 ක්‌ පමණ ඇතැයි ගණන් බලා තිබේ.