September 28, 2016

ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්

ධීවරයින්ට සහ නාවිකයින්ට අනතුරු ඇඟවීමක්
අද (28) දිවයිනේ මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා ප්‍රකාශ කළේ ඒ අවට වන ධීවර සහ නාවික ප්‍රජාව දැඩි අවදානයෙන් සිටිය යුතු බවයි.