September 22, 2016

අනතුරකින් මිය ගිය මී ගවයාගේ මස් එළිවෙන ටිකට අරං ගිහින් (PHOTOS)

dsc05317කුඩා ලොරි රථයක ගැටී මිය ගිය මී ගවයෙකුගේ මස් එම ස්ථානයේදීම කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා.
ඊයේ (21) රාත්‍රියේ මෙම අනතුර සිදුව තිබුණේ හම්බන්තොට කටුවැව හන්දිය අසලදීයි. මී ගවයින් ‍දෙදෙනෙක් මෙම ලොරි රථයේ ගැටී ඇති අතර එක් ගවයෙක් එම අවස්ථාවේදී මියගොස් තිබුණා.  අනික් මී ගවයා තුවාල ලබා තිබෙනවා.
මිය ගිය මී ගවයාගේ සිරුර රාත්‍රියේ අනතුර සිදුවූ ස්ථානයේ තිබී ඇති අතර අද (22) අලුයම දැක ගැනීමට හැකි වී ඇත්තේ එම සිරුරේ මස් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති අයුරුයි.
අනතුරින් කුඩා ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇති අතර රථයට හානී සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
 රාත්‍රී කාලයේ මෙම මාර්ගයේ වීදි පහන් නොමැතිකම නිසා තද අඳුර පවතින අතර මි ගවයින් මෙන්ම වල් අලින්ද නිතර මාර්ගයේ ගමන් කරන බවයි ගම්වාසීන් පැවසුවේ. එහෙයින් රිය අනතුරු බහුලව සිදුවෙන බවත් සඳහන් කළා.
dsc05313
dsc05322
dsc05317