October 3, 2016

තරඟාවලීයේ ජයග්‍රහනය සමගින් ඉන්දියාව අංක 1 ටෙස්ට් කන්ඩායම වෙයි.



ඓතිහාසික ඊඩ්න් ගාඩ්න්ස් හි 12,068 ක ජනකායක් ඉදිරියේ නවසීලන්තය හමුවේ ලකුනු 176 ක ජයක් ලබමින් ඉන්දියානු කන්ඩායම ලෝකයේ අංක 1 කණ්ඩායම බවට පත්විය.නවසීලන්ත නායක සුපිරි පිතිකරු කේන් විලියම්සන් හට ක්‍රීඩා කිරීමට නොහැකි උනේ උණ රෝගයෙන් පෙලීම නිසයි. කෙසේ උනත් සුවය ලද පසු තම හෝටල් කාමරයෙන් ක්‍රීඩා පිට්ටනියට පැමින  තරඟය නැරඹීම සිදුකර ඇත.අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් ටොම් ලැතම් ලකුණු 74 ක් ලබා ගත්තද 376 ක අවසාන ඉලක්කය නවසීලන්ත කන්ඩායමට පහසු එකක් නොවීය.පලමු තරඟයේ මෙන් දෙවන තරගයේ ප්‍රථම ඉනිමේදීද  කෝලි හට ලකුනු අතරට පැමිනීමට නොහැකි වුනත් අවසාන ඉනිමේදී ලකුණු 45 ක් ලබා ගනිමින් සිය සුපුරුදු රිද්මයට පැමිනීමට හැකි විය.