October 31, 2016

ඇතුළතින් රාජ මාලිගා සේ දිස්වෙන කිලෝ 15ක් බරැති පළිඟු මැණිකක් ලංකාවේ

gem
ඇතුළතින් රාජ මාලිගා සේ දිස්වෙන කිලෝ 15ක් බරැති පළිඟු මැණිකක් රත්ගම සිරි තිලකරත්න මාවතේ පදිංචි මැණික් ව්‍යාපාරිකයකුට හමු වූ තිබේ.
දැනට වසර ගණනාවකට පෙර මේ පළිඟු මැණික රත්නපුර ප්‍රදේශයේදී තමා මිලදී ගත් බවත් පසුගියදා පරීක්ෂා කිරීමේදී මෙයින් විවිධ කැටයම් සහිත රාජ මාලිගාවක්, වතුර මලක් ඇතුළු කාමර සහිත විදුලි පහන් දැක ගැනීමට හැකි වී තිබෙන බවත් මැණික් ව්‍යාපාරික එල්. එම්. කරුණාවංශ මහතා පැවැසීය.
වසර 20ක කාලයක සිට බලපත්‍ර සහිතව තමා විසින් මැණික් මිලදී ගැනීම සිදු කළත් මෙවැනි පළිඟු මැණිකක් මින් පෙර නොදුටු බවත් තමාගේ වැටහීම අනුව මෙය මිල කළ නොහැකි මැණිකක් බවද තමාට පෙනී යන බවත් කරුණාවංශ මහතා පැවැසීය.
රත්ගම – ගුණපාල ඉරත්නවල්ලි