November 1, 2016

අද සිට 'වැට්' ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි - වැට් නැති භාණ්ඩ ලැයිස්තුව මෙන්න

අද සිට 'වැට්' ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි - වැට් නැති භාණ්ඩ ලැයිස්තුව මෙන්න
2016 ඔක්තෝබර් 26 දින පාර්ලිමේන්තුවේ දී සම්මත වූ එකතු කළ අගය මත බදු හෙවත් වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වැට් බද්ද 11% සිට 15% දක්වා ඉහළ යනු ඇත. තොග සහ සිල්ලර වෙළෙඳාමට අදාළ වැට් ලියාපදිංචි කිරීමේ සීමාව කාර්තුවකට පිරිවැටුම රුපියල් මිලියන 12.5 හෝ වාර්ෂිකව රුපියල් මිලියන50කි.
සෙසු භාණ්ඩ හා සේවා සඳහා වැට් ලියාපදිංචි වීමේ සීමාව කාර්තුවකට රුපියල් මිලියන 3ක් හෝ වසරකට රුපියල් මිලියන 12ක් වේ.
දුම්වැටිමත්පැන්දුරකතන සේවාවිදුලි උපකරණසුවඳ විලවුන්ආභරණ සහ කිරිපිටි වැට් බද්දට යටත් කර ඇත. සෞඛ්‍ය සේවාවන්හි වෛද්‍ය ගාස්තුවිශේෂඥ වෛද්‍ය ගාස්තු (චැනල් සේවා ඇතුළත්ව)රෝහල් කාමර ගාස්තු වැට් බද්දට යටත් කර ඇත.  නිවාස විකිණීම වැට් බද්දෙන් නිදහස් වේ.
නව සංශෝධනයට අනුව 2% ක්ව පැවැති ජාතිය ගොඩනැගීමේ බදු අනුපාතයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර කාර්තුවකට රුපියල් මිලියන 3.75ක්ව පැවැති පිරිවැටුම් පරිමාව රුපියල් මිලියන දක්වා අඩු කර තිබේ.
දුරකතන සන්නිවේදන සේවා සහ විදුලිය ජාතිය ගොඩනැගීමේ බද්දට යටත් කර ඇත. කෙසේ වුවත් ජාතිය ගොඩනැගීමේ බද්ද පැනවීමෙන් විදුලි බිලට බලපෑමක් නොමැත.

මීට අමතරව වැට් බද්දට අදාළ නොවන භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.