October 23, 2016

දුම්වැටියක මිල රුපියල් 55 දක්වා ඉහළට

දුම්වැටියක මිල රුපියල් 55 දක්වා ඉහළට
දුම්වැටි සඳහා ඉදිරියේ දී 15%ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා වැඩිවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩි වුවද බීඩි සහ සුරුට්ටු පරිභෝජනය වැඩිවී නොමැති බවයි.
ඒ අනුව සුරුට්ටු සහ බීඩි පරිභෝජනය ද අවම කළ යුතු බවත්, ඊට වඩා වැඩි හානියක් දුම්වැටි භාවිතා කිරීමේ දී සිදුවන බවත් අමාත්‍යවරයා පැවසීය.
දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි භාවිතය සියයට 4% සිට5% දක්වා අඩු වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.