October 23, 2016

ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීමට නව පනතක්

ඉඩම් නොමැති අයට ඉඩම් ලබාදීමට නව පනතක්
මෙරට තුළ ඉඩම් නොමැති පුද්ගලයින් සඳහා ඉඩම් ලබාදෙන නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.
පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මේ අතර මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සැලසුම් ඇතුළත් අයවැයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ප්‍රකාශ කළේය.
ඒ, ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.