මහජන බැංකුවේ මුළු ගනුදෙනුකරුවන් පිරිසගෙන් සියයට දශම 47 (0.47%) වෙනුවෙන් අන්ර්ජාල බැංකු පහසුකම් සැපයීම සඳහා ඇමෙරිකන් ඩොලර් හැත්තෑහයලක්ෂයක් ($ 7,600,000) හෙවත් රුපියල් එකසිය එකොළොස් කෝටි හැත්තෑ දෙලක්ෂය (රු. 1,117,200,000) ක් පමණ වැය කර තිබෙන බවට කෝප් කමිටුවට පැමිණිලි කර තිබේ. මෙම පැමිණිල්ල කර තිබෙන්නේ සමස්ත ලංකා බැංකු සේවක සංගමය විසිනි.
මහජන බැංකුවේ කටයුතු ඩිජිටල් කිරීමේ (Digital Banking) ව්‍යාපෘතියක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව මැලේසියාවේ සිල්වර් ලේක් (Silver Lake) නම් සමාගමට ලබාදීම පිළිබඳව බරපතල ආන්දෝලනයක් ඇතිව තිබේ. මේ තුළින් බැංකුවේ මුදල් අති විශාල ප‍්‍රමාණයක් වංචා කර තිබෙන බවට චෝදනා නැඟී ඇත. මේ වන විට මහජන බැංකුවේ ගනුදෙනුකරුවන් මිලියන 17ක් පමණ සිටින බවත්, ඩොලර් ලක්ෂ හැත්තෑ හයක මුදල වැය කරන්නේ මෙම පිරිස වෙනුවෙන් සේවා සැපයීමට බවත් පෙන්වා දී ඇත. දැනට බැංකුවේ කෙටි පණිවිඩ සේවය ලබා ගන්නේ ගනුදෙනුකරුවන්ගෙන් ලක්ෂ හයක් පමණක් බව ද එම බැංකු සේවක සංගමය පෙන්වා දී තිබේ.
මේ අතර මහජන බැංකුව රැකගැනීමට බව ප‍්‍රකාශ කරමින්, එම බැංකුවේ පාලනාධිකාරිය විසින් බැංකුවේ මුදල් යොදවා පුවත්පත් දැන්වීම් පළ කරනු ලැබීය. මෙම තත්වය පිළිබඳව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කර තිබිණි. රාජ්‍ය ආයතනයක වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනාවක් නැඟුණු අවස්ථාවක ඒ පිළිබඳ පිළිගත හැකි පරීක්ෂණයක් නොකර පුවත්පත් දැන්වීම් පළ කරමින්, විවිධ හේතු දැක්වීම පිළිබඳව දැඩි චෝදනා නැඟීය.
මේ අතර බැංකු සේවක සංගමය වැඩි දුරටත් හෙළි කර ඇත්තේ බැංකුව වෙනුවෙන් ඒ.ටී.එම්. (A.T.M.) යන්ත‍්‍ර 100ක්, මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර 100ක් සහ KOISK නම් යන්ත‍්‍ර 100ක් මිලදී ගැනීමේ කොන්ත‍්‍රාත්තුව ද ප‍්‍රශ්න ගත මැලේසියාවේ සිල්වර්ලේක් සමාගමෙන් මෙරට නියෝජිතයා වශයෙන් කි‍්‍රයා කරන ජස්ට් ඉන් ටයිම් (Just in time) නම් සමාගමට ලබා දී තිබෙන බවයි. බැංකුව ඩිජිටල්කරණය කිරීමේ කි‍්‍රයාවලියෙන් බැහැරව මෙම මිලදී ගැනීමේ සිදු කෙරේ.