October 1, 2016

විග්නේෂ්වරන්ගේ ක්‍රියා කලාපය රටටම අපකීර්තියක්

Image result for peshala jayarathna
උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාගේ ක්‍රියා කලාපය රටටම අපකීර්තියක් ගෙන එනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ මේ හේතුවෙන් සංචාරකයින් හරහා රටට විදේශ විනිමය ලැබීමේ හැකියාව අඩුවනු ඇති බවයි.

මෙරට නැවතත් කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බවට විදේශිකයින් විසින් අනුමාන කරනු ඇති බව කී ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ විදේශීකයින් මෙරටට නොපැමිණීමිට එය හේතුවක් වනු ඇති බවයි.