October 12, 2016

ජනපති උපදෙසින් සමාජ ශාලා ගැටුම ගැන පූර්ණ පරීක්ෂණයක්

ජනපති උපදෙසින් සමාජ ශාලා ගැටුම ගැන පූර්ණ පරීක්ෂණයක්
පසුගිය 08 වැනිදා කොළඹ, යූනියන් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ‍ ගැටුම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදුකරන මෙන් ජනාධිපතිවරයා ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන මහතා පවසයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් තිබුණ ද,නොතිබුණ ද සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පුතු වන දහම් සිරිසේන මහතාගේ නම ඈදා ගනිමින් පුවත් පළවන බැවින් මෙලෙස උපදෙස් ලබාදී ඇති බව පරණවිතාන මහතා සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

මීට අමතරව ජනාධිපති විමර්ශන ඒකකය විසින් ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ඔහු පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ මෙම පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවට තමන් විශ්වාසය කරන බවයි.