October 12, 2016

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

කොරියානු භාෂා විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
ඇගයුම් මත ලකුණු දීමේ ක්‍රමවේදය මත පැවති පළමු කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් අපේක්ෂකයින් 3,514 දෙනෙකු සමත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරයි.
එම කාර්යාංශයට අනුව නිෂ්පාදන අංශයේ රැකියා සඳහා පැවති විභාගය සඳහා අපේක්ෂකයින් 20,187 දෙනෙකු ද ධීවර අංශයේ රැකියා සඳහා අපේක්ෂකයින් 3118 දෙනෙකු ද පෙනී සිට ඇති අතර ඉන් අපේක්ෂකයින් 3,514 දෙනෙකු සමත්වී තිබේ.
මෙවර විභාගයේ ප්‍රතිඵල www.slbfe.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.
මෙවර විභාගයට අදාළ නිපුණතා පරීක්ෂණ මෙම මස 17 වැනිදා සිට 20 වැනිදා දක්වා දිවයින පුරා මධ්‍යස්ථාන 14කදී පැවැත්වීමට නියමිත බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටී.