ලයිලා දැල් ඇතුළු නීති විරෝධි වෙරළ ආම්පන්න වලින් මසුන් මැරිමට ඉඩ නොදෙන්නැයි ඉල්ලමින් ධීවරයින් දහස් ගණනක් කොළඹ නව නගර ශාලාව අසල අද (18) උදෑසන උද්ඝෝෂණයක් ආරම්භ කළේය.
උද්ඝෝෂකයින් පිරිස විරෝධතා පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් ඇරඹීමත් සමග මාර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
