October 18, 2016

අලි පැටියෙක් වතුරට බැහැලා මිනිසෙකුගේ ජීවිතය බේරගෙන

Baby elephant
තායිලන්තයේ අලි පැටියෙක් මිනිසෙක්ව බේරගන්න වතුරට බැහැලා. Baby elephant
මේ අලි පැටියා හිතල තියෙන්නේ මේ පුද්ගලයා වතුරේ ගහගෙන යනවා කියලයි.
හැබැයි ඒක එහෙම නෙමෙයි.
ඩෙරික් නමැති මේ පුද්ගලයා වතුරට බැහැල, අනෙක් ඉවුරේ ඉන්න අලි පැටියට අත වනන්නේ මේ අලි පැටියට තමන් ව මතකද බලන්නයි.
2015 අවුරුද්දේ මේ අලි පැටියා එයාගේ අම්මත් එක්ක මඩ වගුරක ගිලෙන්න යද්දී ඒ අයව බේරා ගත්තේ මේ පුද්ගලයා.
අලි පැටියට මේ පුද්ගලයා මතක විතරක් නෙමෙයි, එයාව බේරගන්නත් ඉදිරිපත් වුණා.
සමහර මිනිස්සුන්ට තමන්ට තව කෙනෙක් කළ උපකාර අමතක වුණත්, මේ අලි පැටිය නම් කළ ගුණ දත් කෙනෙක් කියල හොඳින් ම තේරුම් යනවා.