October 14, 2016

කුමාර් ගුණරත්නම් සිරකරුවන්ට ඉංග්‍රීසි උගන්වයි

කුමාර් ගුණරත්නම් සිරකරුවන්ට ඉංග්‍රීසි උගන්වයි
අනුරාධපුර බන්ධනාගාරයේ වසරක සිර දඩුවමක් විදින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා මේවන විට එහි සිරකරුවන් පිරිසකට ඉංග්‍රීසි උගන්වන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ සිසුන් අතර එල්ටිටීඊ රැඳවියන් පිරිසක්ද සිටින බවද වාර්තා වේ.
මේවන විට ගුණරත්නම් මහතා සාමාන්‍ය සිරකරුවෙකු ලෙස බන්ධනාගාරයේ ගත කරමින් අවස්ථාවක් ලද සෑම විටකම රැඳවියන්ට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ලබාදෙන බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
යහපත් චේතනාවෙන් එවැන්නක් සිදු කිරීමේ වරදක් නොමැති බවත් කුමන චේතනාවෙන් මෙවැන්නක් සිදුකරන්නේද යන්න සොයා බැලිය යුතු බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා සඳහන් කර තිබේ.
 ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු ලෙස නීතිවිරෝධි ලෙස මෙරට රැදී සිටීම සම්බන්ධයෙන් ඔහුට කෑගල්ල අධිකරණයෙන් පසුගිය අප්‍රේල් 01 වැනිදා වසරක සිර දඩුමක් නියම කෙරිණි.