කලා ලෝකයේ රංගන ශිල්පිනියක් වූ කවීෂා අයේෂානි සිය ජිවිතයෙන් සමුගෙන තිබෙනවා.
ඒ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින්ය.
ඇයගේ සිරුර මේවනවිට කළුබෝවිල රෝහලට රැගෙනගොස් ඇති බවයි මිරිහාන රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ.
අනතුර සිදුවන මොහොතේ කවීෂා අයේෂානි මෝටර් රථය පදවා ඇති අතර ඒ ඇයගේම මෝටර් රථය බව සඳහන්.
ඇය කලා ලෝකයේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට නිළියක් ලෙස ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණු ආදරණිය චරිතයක්.
පසුගියදා ඇයගේ උපන්දින සාදය ඉතාමත් අලංකාරවත් අයුරින් පැවැත්වුණු අතර ඒ සඳහා නළු නිළියන් රැසක්ද සහභාගී වුණා.