October 16, 2016

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන සදුදා (17) දින පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කළුතර - කෙත්හේන ජල පවිත්‍රාගාරයට විදුලිය සැපයීම අත්හිටුවීම හේතුවෙන් මෙලෙස ලබන සදුදා පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා කාලය ඇතුළත ජල සැපයුම අත්හිටුවන බවයි.
ඒ අනුව, වාද්දුව, පොතුපිටිය, වස්කඩුව, කළුතර, නාගොඩ, බෙන්තොට, පයාගල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම, බෝම්බුවල සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.