එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුව විසින් ජාත්‍යන්තරව සංවිධානය කරනු ලබන එක්සත් ජාතීන්ගෙග් 14 වන වෙසක් උළෙල හා ඊට සමගාමීය පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව ලබන වසරේ මැයි මස 11, 12, 13 යන දිනයන්හි ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති මහාචාර්ය අතිපූජ්‍ය බ්‍රහ්මපණ්ඩිත් හිමි ප්‍රධාන එක්සත් ජාතීන්ගේ කමිටුවේ පූර්ණ එකඟතාව පළ කළ බව අධිකරණ හා බුද්ධශාසක අමාත්‍යංශය පවසයි.
පසුගිය 18 වැනිදා කොළඹ දී එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවේ සභාපති හා ජාත්‍යන්තර බෞද්ධ සරසවි සංගමයේ සභාපති අතිපූජ්‍ය බ්‍රහ්මපණ්ඩිත් හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් 14 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහ අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව එකඟතාවයකට එළැඹි බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යංශය, බුද්ධශාසන හා අධිකරණ අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, නීතිය සාමය හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් රැසක් එක්වී තිබේ.
එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරීමේ මෙම ජාත්‍යන්තර කමිටුව විසින් උළෙල සංවිධාන සැලැස්ම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ලබන 2017 වසරේ මැයි මස 11,12,13 යන දිනවල පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ අනුව සමාරම්භක දිනය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙහි දෙවන දිනය ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනය, බෞද්ධ ව්‍යාපාරික හා බෞද්ධ සන්නිවේදන වැඩමුළු සඳහාත් එදින සන්ධ්‍යාවේ නෙළුම් පොකුණ රඟඑලේදී සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට ද තීරණය කර තිබේ.
මීට අමතරව වැඩසටහන් ගණනාවක් ඒ වෙනුවෙන් සැලසුම් කර ඇති අතර රටවල් 90කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරමින් ලෝක බෞද්ධ නායකයින්, බෞද්ධ සංවිධානවල නියෝජිතයින්, මහනායක හිමිවරුන්, බෞද්ධ කටයුතු පිළිබඳ රාජ්‍ය තන්ත්‍රිකයින් ඇතුළු 2000කට ආසන්න පිරිසක් මෙවර සමුළුව නියෝජනය කරයි.