October 21, 2016

කොටුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කොටුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
අද (21) උදෑසන කොළඹ - කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතරදී දුම්රියක් පීලි පැන තිබේ.
රඹුක්කන බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ සුළු ප්‍රමාදයක් ඇති වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

කෙසේ නමුත්, පීලිපැන ඇති දුම්රිය වෙනුවට රඹුක්කන බලා වෙනත් දුම්රියක් ධාවනයට යොදවා ඇත.