October 21, 2016

කෝටියක මැණික් සමඟ චීන කතක් දැලේ

කෝටියක මැණික් සමඟ චීන කතක් දැලේ 
රුපියල් එක්කෝටි 16 ලක්ෂ 40,000ක් පමණ වටිනා මැණික් ගල් තොගයක් කටුනායක ගුවන් තොටුපොළ රේගුව විසින් රාජසන්තක කර තිබේ.
ඊයේ (20) රාත්‍රීයේදී චීන ජාතික කාන්තාවක් අදාළ මැණික් තොගය චීනය බලා රැගෙනයාමට උත්සහ කිරීමේදී මෙසේ තම භාරයට ගත් බව රේගුව සඳහන් කරයි.
එහිදී ඇය සතුව තිබී මැණික් ගල් 247ක් සොයාගෙන තිබේ.
සොයාගත් මැණික් ගල් තොගය රාජසන්තක කර ඇති අතර සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 03ක දඩ මුදලක් මත මුදාහැරි බව ගුවන් තොටුපොළ රේගුව වැඩිදුරටත් සඳහන් කර සිටී.