October 6, 2016

තොරතුරු පනත ක්‍රියාත්මක කරන්න බත්තරමුල්ලේ කාර්යාලයක්

තොරතුරු පනත ක්‍රියාත්මක කරන්න බත්තරමුල්ලේ කාර්යාලයක්
තොරතුරු පනත ක්‍රියාත්මක කිරිමට විශේෂ මෙහෙයුම් කාර්යාලයක් පියතිස්ස රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සතියේ ආරම්භ කරන බව ජනමාධ්‍ය ඇමැති, සම කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
එම විශේෂ මෙහෙයුම් කාර්යාලය බත්තරමුල්ලේදී ලබන සතියේ ආරම්භ කරන බව ද අමාත්‍යවරයා පැවසී ය.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.