October 6, 2016

ගුරු ව්‍යවස්ථාවත් වෙනස්කර ක‍්‍රීඩා ගුරුවරු 5,000 ක් ගන්න ඇමති අකිලගේ සූදානමක්?

ගුරු ව්‍යවස්ථාවත් වෙනස්කර ක‍්‍රීඩා ගුරුවරු 5,000 ක් ගන්න ඇමති අකිලගේ සූදානමක්? 
ක‍්‍රීඩා ගුරුවරුන්ගේ හිඟයට විසඳුමක් ලෙස ක‍්‍රීඩා ගුරුවරුන් 5,000 ක් බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලයට විශේෂ කැබිනට් පත‍්‍රිකාවක් යොමු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ක‍්‍රීඩා ගුරුවරුන්ගේ ගැටලූව විසදීම සඳහා ගුරු ව්‍යවස්ථාව පවා වෙනස්කර බඳවා ගැනීම් කිරීමට ඉඩ ඇතැයි අමාත්‍යවරයා කීවේය.
“ක‍්‍රීඩාව දියුණු කිරීමට නම් මේ වැඩපිළිවෙළට ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුයි. එහිදී ක‍්‍රීඩාවේ නියැළුණු අයට ප‍්‍රමුඛත්වය දෙන්න බලාපොරොත්තු වෙනවා’ යැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
මේ අතර ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් ක‍්‍රීඩා පාසල් 98 ක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි ද අධ්‍යාපන කලාප 98 කට ක‍්‍රීඩා පාසල බැගින් ලබාදීමට නියමිත බවද හෙතෙම පැවසීය.