October 6, 2016

ලංකාවේ පළවැනියා වුනු සිසුවෙක් දෙවැනියාත් වෙයි

gokuladasan
පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් Grade Five Scholarship Examination 2016 ලකුණු 195 ක් ලබා ගනිමින් මෙවර දෙමළ මාධ්‍යයෙන් රටේ පළමු ස්ථානය දිනා ගත් වවුනියාව රම්බකුලම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ගෝකුලදාසන් අබිසිහන් ලංකාවෙන් දෙවනියත් වෙලා.
ඒ දෙමළ මාධ්‍යයෙන් ලංකාවේ පළමුවැනියා වුණා වගේම සියලු භාෂා අතරෙන් ලංකාවේ දෙවැනියා වීමත් එක්කයි.
ඔහුගේ මව්පියන් වන්නේ වවුනියාව රම්බකුලම් ප්‍රදේශයේ පදිංචි ගෝකුලදාසන් සුදර්ශනී සහ  එස්. ගෝකුලදාසන්.
ඔහු පවුලේ දෙවනියා.
ගෝකුලදාසන් අබිසිහන්ගේ මාපියන් ඔහු ඉගනගන්න  පාසලේම ගුරුවරුන්.
රම්බකුලම් මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ජයනගතී සේබමාලෙයි කන්‍යා සොහොයුරිය ප්‍රකාශ කළේ  මෙවර 05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරු දැරියන් 193 ක් පෙනී සිටි බව සහ  106 දෙනකු සමත් වී ඇති බවයි.