October 16, 2016

වතු කම්කරුවන්ගේ සහයට යාපනයේ සරසවියත් එයි

වතු කම්කරුවන්ගේ සහයට යාපනයේ සරසවියත් එයි
වතු කම්කරුවන්ගේ වැඩවර්ජනයට සහය පලකරමින්  යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හා කාර්ය මණඩලය පසුගිය 14 වැනි දා යාපනය විශ්ව විද්‍යාලය  ඉදිරිපිටදී  උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂණයෙහි නිරතවූ ඔවුන් කියා සිටියේ වතුකම්කරුවගේ වර්ජනය සාධාරණ නිසා ඔවුන් ඉල්ලන වැටුප ඔවුන්ට ලබාදිය යුතු බවයි.
 රජය එසේ නොකළහොත් වතු කම්කරුවන් වර්ජනය කරන පළාත්වලට ගොස් යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම දෙනාද  උද්ඝෝෂණ කරණ බවද ඔවුන් වැඩි දුරටත් කියා සිටියහ.