October 28, 2016

ලබන වසරේදී සෑම උසස් පෙළ සිසුවෙකුටම ටැබ් එකක්

ලබන වසරේදී සෑම උසස් පෙළ සිසුවෙකුටම ටැබ් එකක්
2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම ටැබ් පරිගණයක් (TAB) ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේම සෑම දරුවෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවද අගැමැතිවරයා ඊයේ (27) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 
එහිදී හෙතෙම වැඩිදුරටත් පැවසූයේ ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුලදි කටයුතු කරන බවයි.