October 7, 2016

ජනපති අද තායිලන්තයට

ජනපති අද තායිලන්තයට
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (07) නිල සංචාරයක් සඳහා තායිලන්තය බලා පිටව යයි.
එහිදී බැංකොක් නුවර පැවැත්වෙන ආසියා සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගීවන ජනාධිපතිවරයා එම සංවිධානයෙහි සාමාජික රටවල නායකයින් හමුවීමට ද නියමිතය.
එම සමුළුවට සහභාගීවීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට (08) දිනයේදී තායිලන්ත අග්‍රාමාත්‍ය චාන් ඕ චා මහතා හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වයි.
ජනාධිපතිවරයා නිල සංචාරය නිම කරමින් ලබන 10 වෙනි දින යළි දිවයිනට පැමිණීමට නියමිතය.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඉන්දීය රජය විසින් කළ ආරාධනයක් පිළිගනිමින් ලබන 15 සහ 16 යන දිනයන්හිදී ඒ මහතා ඉන්දියාවේ නිල සංචාරයක ද නිරත වනු ඇත.