සියලු දේශපාලන බලවේග එකතු කරගෙන ඒකාබද්ධ ආණ්ඩුවක් ගොඩනැගීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ‘‘අරගලයට පණ පොවන නව ජනතා බලවේගය’’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය රත්නපුරයේ දී ඊයේ (08) පැවැත් වූ ආණ්ඩු විරෝධි රැළියට එක්වෙමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම රැළියට පැමිණියේ සවස 05:15 ට පමණයි. පසුව ඔහු මෙලෙස රැළිය අමතා කතා කළා.
“දැන් ඒ පාර ඇමතිවරු පිටිපස්සෙත් CID එක දානවා. මන්ත්‍රීවරුන්ගේ ටෙලිෆෝන් ටැප් කරලා. අපේ ගෙදර ඉස්සරහත් දාලා තියෙනවා වෙනම ඒකකයක්. දාලා ගෙදරට යන එන අය ගැන ලැයිස්තු ලියනවා. මම කිව්වා ඇවිල්ලා පුටුවක් තියලා ලියා ගන්නවා කියලා. මොකද මම රහසේ කුමන්ත්‍රණය කරන්නේ නෑ දෙන ගේම් එක එළියේ තමයි. අපි ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා එළියේ ගහන්නේ. රෑට ආප්ප කාලා එහෙම නෙමෙයි”