October 10, 2016

සෙල්ෆියක් ගන්න ගිහින් ඕමානයේ උල්පතකට වැටි ලාංකික සිසුවියන් දෙදෙනෙකු නොඑන්නම යයි ?

Garziz
ශ්‍රී ලාංකික සිසුවියන් දෙදෙනෙක් ඕමානයේදී ජිවිතක්ෂයට පත් වූ පුවතක් වාර්තා වෙනවා.  ඕමානයේ Garziz උල්පත  ළඟ තමා මේක වෙලා තියෙන්නේ.
මේ සිසුවියන් දෙදෙනා සහ එයාලගේ පවුලේ අය විනෝද චාරිකාවක් ඇවිල්ලා තියෙනවා Garziz ජල උල්පත බලන්න.
ආරංචිය මාර්ග කියන්නේ හවස 6.00ට විතර මේ සිසුවියන් ඒ උල්පත ගාවටම ගිහින් සෙල්ෆි ඡායාරූපයක් ගන්න.
මේ අවස්ථාවේ එක සිසුවියක් කකුළ ලිස්සලා වැටෙන්න ගිහින්. එතකොටම අනිත් සිසුවිය අනෙත් කෙනාව වැටෙන්න නොදී අතින් අල්ලගන්න හදනකොටම දෙන්නම ලිස්සලා උල්පතේ ගැඹුරුම තැනට වැටිලා.
ලොකු අරගලයකින් පසුව මේ දෙන්නව ගොඩට ගත්තත් රෝහලට අරගෙන යනකොටත් දෙන්නම මිය ගිහින්.
මේ විදියට අවාසනාවන්ත මරණයකට ලක්වුණේ රුවනි ඩෙල්සර හේරත් සමරවීර සහ Zainab කියන සිසුවියයි.
ඕමානයේ සලාලා කියනේ ප්‍රදේශයේ තමා මේ අයගේ පදිංචිය. දෙදෙනාම ශ්‍රී ලාංකිකයෝ.
මේ අයව දන්න ඥාතියෙක් දමා තිබු ෆේස්බුක් සටහනක්..
capture
මේ ඒ අය වැටුණ Garziz ජල උල්පත..