කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී ඇතිවූ ගැටුමක් පිළිබඳ තොරතුරු මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ බොහෝ දෙනෙකු අවධානයට ලක් කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා අළුයම සිදුවූ බව කියන මෙම ගැටුමට ප්‍රබළ දේශපාලඥයෙකුගේ පුත්‍රයෙකු සම්බන්ධ බවටයි තොරතුරු පැතිරෙන්නේ.
මෙම පහරදීමෙන් රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂයෙකු තුවාල ලබා රෝහල් ගත කළ අතර මේ පිළිබඳව සමාජ ශාලා හිමිකරු සහ පහරකෑමට ලක්වූ පුද්ගලයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති බවටද වාර්තාවනවා.
කෙසේ වූවද මෙම පහරදීමට අදාළ බවට ප්‍රකාශ වන වීඩියෝව සහ ගැටුමෙන් හානියට පත් සමාජ ශාලාවේ බවට ප්‍රකාශවන ඡායාරූපද සමාජ ජාලා වෙබ් අඩවි තුළින් හුවමාරුවෙමින් පවතිනවා.
පහත දැක්වෙන්නේ එසේ පැතිරෙන වීඩීයෝව සහ ඡායාරූපයි. ඇතැමුන් මෙම වීඩීයෝව එම පහරදීමේ වීඩීයෝව නොවන බවටද සමාජ ජාලා වෙබ් අඩවිවල තර්ක කර සිටිනවා.