ශ‍්‍රී ලංකා යුද හමුදාව අද (10) සිය 67 වන යුද හමුදා දිනය සමරන බව අපට වාර්තා වේ. 1949 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනි දින ආරම්භ කරන ලද සිලෝන් ආර්මි 1972 වර්ෂයේ ශී‍්‍ර ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු ශී‍්‍ර ලංකා යුද හමුදාව ලෙස හදුන්වනු ලැබේ.
නිලධාරීන් දහසක පමණ ප‍්‍රමාණයකින් සහ සෙසු නිලයන් විසිදහකට ආසන්න ප‍්‍රමාණයකින් ශී‍්‍ර ලංකා යුද හමුදාව ආරම්භයේදි සමන්විත වු අතර 1983 වර්ෂයේ සිවිල් යුද්ධය ආරම්භයත් සමග සිය පිරිස් බලය වැඩි කර ගත් යුද හමුදාව මේ වන විට නිලධාරීන් අටදහසකට ආසන්න ප‍්‍රමාණයකින් සෙසු නිලයන් ලක්ෂ දෙකකට ආසන්න ප‍්‍රමාණයකින් සමන්විතයි.
යුද හමුදාව සතු රෙජිමේන්තු ගණන 24ක්.
ශී‍්‍ර ලංකා යුද හමුදාව අද සිය 67 වන සංවත්සරය සමරන්නේද ලොව ගුවන් යානා හිමි දරුණුතම ගරිල්ලා සංවිධානය පරාජය කළ විශිෂ්ඨතම යුද හමුදාව ලෙස වීමද විශේෂත්වයකි.