2009 වසරේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවරදි එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ඇෆ්ගනිස්ථානයේ සිදු කළ විශේෂ හමුදා සෝදිසි මෙහෙයුමකදි ඝාතනය කර තිබෙන අතර ඇෆ්ගන් හමුදාව සහ නේටෝ හමුදාව එක්ව මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ පක්ටිකා ප‍්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින්.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන සිටියේ ක්වාරි අජ්මාල් නමැත්තෙක් වන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම රැගත් බස් රථයට දස දෙනෙකුගෙන් සමන්විත ත‍්‍රස්ත කණ්ඩායමක් ප‍්‍රහාරයක් එල්ල කළේ 2009 වසරේ මාර්තු මස 03 වැනිදායි.
ඒ ගඩාෆි කී‍්‍රඩාංගණය ආසන්නයේදීයි.