October 5, 2016

ඉදිරියේදී ගුරුවරුන් බඳවාගැනීමේ වෙනසක්

ඉදිරියේදී ගුරුවරුන් බඳවාගැනීමේ වෙනසක්
ඉදිරියේදී මෙරට රජයේ පාසල් සඳහා ගුරුවරුන් බඳවා ගන්නේ පාසල් පාදක කරගනිමින් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (04) අරලියගහ මන්දිරයේ පැවති ජාතික විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 3225කට පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ,"ගුරුවරුන් බඳවා ගන්නේ පාසලේ පවතින පුරප්පාඩු මත. මේකෙන් පාසලට පැමිණෙන ගුරුවරයා හිත හදාගෙන එන්න ඕනෑ පාසලේ සේවය කරන්න." යනුවෙනි.
මෙරට පාසල් ක්ෂේත්‍රය තුළ ගුරු තුලනයක් ඇති කිරීමට කටයුතු කරන බවත් නව ගුරු විද්‍යා පීඨයන් සඳහා කැබිනට් පත්‍රිකාවක් අද දිනයේදී ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.