October 4, 2016

කරන්නාගොඩ CIDයට කැඳවයි

Image result for karannagoda
හෙට (05) සහ අනිද්දා (06) දිනයන්හිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට ලිඛිතව දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඒ මහතාට මෙසේ පැමිණෙන ලෙස දන්වා ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ කොළඹ නගරයේ පුද්ගලයින් එකොළොස් දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2009 මැයි 28 වැනිදා ඔහු විසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇති B732 නැමැති පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ය.
කෙසේවුවද අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නාවික හමුදා නිලධාරියකු වන ක්‍රිෂාන්ත වෙළගෙදර නැමැත්තා පසුගිය සැප්තැම්බර් 13 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශයකට අනුව කරන්නාගොඩ මහතා අත්අඩංගුවට පත්වීමේ හැකියාවක් ඇති බවද මේ අතර වාර්තා වේ.