කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පාසලක් අසළ පුද්ගලයෙක් අශෝභන bedraggled ලෙස හැසිරිලා.
ඒ බව දැකපු මව්පියන් මොහුව අල්ලගෙන හොදට සළකලා නවගමුව පොලීසියට භාර දුන්නා.
පොලීසිය ඔහුව පොලිස් ජීප් රථයෙන් ඔහුව පොලීසියට රැගෙන යන අතරතුර කඩුවෙල නගරයේ මාර්ග සංඥා අසළ නතර කළා.
ඒ වෙලාවේ පාරේ ගිය කෙනෙක් ඇවිත් පොලිස් නිලධාරීන්ට කිව්වේ ජීප් එකේ හිටපු කෙනෙක් පිටුපස්ස දොරෙන් බැහැලා ගියා කියලා.
ඒ වෙලාවේ තමයි පොලීසියේ දෙන්නා දැනගෙන තියෙන්නේ තමන් භාරයට ගත්තු සැකකරුවා පැනලා ගිහිල්ලා තියෙනවා කියලා.
කොහොම වුනත් සැකකරුවෙකු පලායාමේ චෝදනාවට නවගමුව පොලීසියේ සැරයන් වරයෙකුගේ හා කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කරලා.
සැකකරු පොලීසියට අල්ලා භාරදෙන්න ඉස්සෙල්ලා අම්මා කෙනෙක් ඔහුගේ ඡායාරූපයක් අරගෙන, ඒ ඡායාරූපය ඔස්සේ සැකකරුව අත්අඩංගුවට ගන්න පොලීසිය පරීක්ෂණ පත්වනවා.
මීට ටික දවසකට ඉස්සෙල්ලත් පොලිස් භාරයට ගත්තු බදගිරියේ තරුණයා පැනයාමේ සිද්ධියත් රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළ එකක්.