November 10, 2016

අය වැය අදයි

අය වැය අදයි
අද (10) දින 2017 වසර සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ කබීර් හෂීම් අමාත්‍යවරයා කියාසිටියේ රජයේ නව ආර්ථික ප්‍රතිපත්තිය ඔස්සේ සැළසුම් කෙරුණු අය වැයක් මෙවර ඉදිරිපත් කරන බවයි.
මේ අතර අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනතාවට සුභවාදී අයවැයක් අපේක්ෂා කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමු‍ෙණ් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ මෙවර අයවැයෙන් අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරනු ඇති බවට අපකේෂා කළ නොහැකි බවයි.