හිටපු මහබැංකු අධිපතිවරයා වැරැද්දක් කර නොමැති වුවත් ඔහු වැරදිකරුවෙක් බවට පත්කරනු ලැබුවේ මෙරට ජනමාධ්‍ය විසින් බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය 08 වැනිදා නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අතරවාරයේදීය.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ අර්ජුන මහේන්ද්‍රන් මහතා වැරැද්දක් කර නොමැති වුවද ඔහු වැරදිකරුවෙක් බවට පත්කරනු ලැබුවේ මාධ්‍ය විසින් බවත් කෝප් කමිටුව රැස්වූ සෑම දිනකම එහි සාමාජිකයින් මාධ්‍ය හමු පවත්වා අර්ජුන මහේන්ද්‍රන් මහතා වරදකරුවෙකු බව කියාසිටි බවත් මාධ්‍ය විසින් එය දිගින් දිගටම ප්‍රචාරය කළ බවත්ය.
ඒ ආකාරයට මාධ්‍ය හමු 15ක් පවත්වා ඇති බවත් තමා ළඟ ඒ සියලු විස්තර ඇති බවත් ඒවා ඉදිරියේදී නීතිපතිවරයාට යොමුකිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස් කරන ලද පුද්ගලයෙකුට කෝප් කමිටුවෙන් තීරණයක් ලබාදිය නොහැකි බවයි.
අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවට එනවිට ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට ගත යුතු බව හිටපු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසා තිබුණු බවත් එතුමා නීති විශාරදයෙකු වුවද නීතිය නොදන්නා බවත් එක දවසක් හෝ උසාවියට අඩිය තබා නැති බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කෙනෙකු අත්අඩංගුවට ගැනීමට නම් නඩුවක් පැවරිය යුතු බවත් එසේ නඩුවක් නොපවරා අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බවත් අවධාරණය කළේය.
වීඩියෝව පහතින්.