November 3, 2016

සිම්බාබ්වේ ‘දණ ගැස්වූ සටනේ’ සැඟවුණු වාර්තා රැසක්

Image result for zimbabwe vs sri lanka 2016
සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කර හරාරේහිදී ඊයේ (02දා)අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 225ක දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩාම සමත් වුණා.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවති 16 වැනි ටෙස්ට් තරගය මෙය වූ අතර, ඉන් ශ්‍රී ලංකාව ලැබූ 11 වැනි ජයග්‍රහණය මෙය වනවා.
1999 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාව හමුවේ හරාරේහිදී පැවැති ටෙස්ට් තරගයක් ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමෙන් පසු දෙරට අතර ටෙස්ට් තරග 05ක් පවත්වා තිබෙනවා.
එම තරග සියල්ල ඉනිමක් සහිතව පරාජය වීමට සිම්බාබ්වේට සිදුවුණා.
අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම, සිම්බාබ්වේ හා ටෙස්ට් තරගයකදී හමුවී ඇත්තේ 2004 වසරේදී වන අතර, බුලවායෝහිදි පැවැති එම තරගයෙන්ද ශ්‍රී ලංකාව ඉනිමක හා ලකුණු 254ක ජයක් ලැබුවා.