November 7, 2016

අයවැය අතලඟ තිබියදී 'බජට් රහස්' කියන්න රවී - චන්ද්‍රිකා හමුවෙයි

අයවැය අතලඟ තිබියදී 'බජට් රහස්' කියන්න රවී - චන්ද්‍රිකා හමුවෙයි
නොවැම්බර් 10 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැනුවත් කිරීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඊයේ(06)පස්වරුවේදී එතුමිය මුණගැසී සාකච්ඡා කර තිබේ.
හිටපු ජනාධිපතිනීයගේ නිල නිවසේදී පැවැති මෙම හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළේ “බජට් රහස් කියන්න බෑනේ. සහන ලැබෙන අයවැයක් වාගේ පේනවා.“ යැයි පැවසුවාය.
එම වීඩියෝව පහතින්