November 7, 2016

දියණිය දුෂණය කළ පියා පොලිසියට බයේ කරගත්තු දෙයක්

rape

මාස කිහිපයක් තිස්සේ තමන්ගේ දුව දුෂණය කරපු නරුම පියෙක් අඹ ගසක එල්ලී ජීවිතය හානිකරගත් තොරතුරක් සුරියවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ආර්ථික දුෂ්කරතා නිසා මේ පවුලේ මව මැදපෙරදිග රස්සාවට ගිහින්. එදා ඉඳලා මේ පියා තමන්ගේ 15 හැවිරිදි දියණිය අතවරයට ලක් කරලා.
අධික ලෙස බීමතින් නිවසට පැමිණෙන පියා දැරියට දිගින් දිගටම මේ අපරාධය කළා කියලයි පොලිස් පරීක්ෂණවලින් හෙළිවුණේ. මේ අපරාධය ගැන තොරතුරු ලැබුණු ගමන් සුරියවැව, දෙහියන්දරයාය ප්‍රදේශයේ පදිංචි මේ 37 හැවිරිදි දෙදරු පියා අත්අඩංගුවට ගන්න පොලිසිය පිටත්ව ගිහින්.
ඒ බව දැනගෙන බියට පත්වුණු මේ පියා මිඳුලේ අඹ ගසක එල්ලී සියදිවි හානිකරගෙන තියෙනවා කියලයි සුරියවැව පොලිසිය කියන්නේ.