ඊයේ(27) දිනයේ නුගේගොඩ රැලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තමන් පරාජය පිළිගෙන ගෙදර ගොස් විශ්‍රාම සුවයෙන් සිටීමට තීරණය කලද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තමාව නැවත් දේශපාලනයට තල්ලු කලා යැයි පවසමින් සිදුකල ප්‍රකාශයේ සත්‍යතාවයක් පවතින බව වාර්තා වේ.
ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රථමයෙන්ම හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවති හමුවේදී මහින්ද රාජපක්ශ මහතා විසින් තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානම් බවත් ඒ නිසා තමන්ට හෝ පවුලේ කිසිවෙකුටවත් එරෙහිව දූෂණ වංචා/ අපරාධ නඩු කටයුතු සිදුකරන ලෙස ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිට ඇත. එහිදි ජනාධිපතිවරයා විසින් තමන් ලද ජනවරම ප්‍රකාරව එය කල නොහැකි බවත්, වැරදිකරුවන්ට එරෙහිව තමන්ගේ කිසිදු මැදිහත්වීමකින් හෝ බලපෑමකින් තොරව දඩුවම් කරනු ඇති බවත් ප්‍රකාශ කර තිබේ.
එම ප්‍රකාශයෙන් පසුව හිටපු ජනාධිපතිවරයා තවදුරටත් දේශපාලනයේ රැදී සිටිමින් තමන්ට සහ පවුලේ අයට එරෙහිව එල්ල වන චෝදනා දේශපාලනික වශයෙන් තමන්ව අපහුතාවයට පත්කිරීමට කරන ක්‍රියා ලෙස හුවා දක්වමින් මහජන අනුකම්පාවක් ලබාගෙන නීතියෙන් ගැලවී සිටිමේ මෙහෙයුමෙ යෙදීමට තීරණය කර තිබේ.