ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලිනා ට්‍රම්ප් යනු ඩොනල්ඩ් ට්‍රම්ප් තරම්ම ලොව පුරා බොහෝ දෙනාගේ අවධානයට යොමු වූ චරිතයක් බවට පත්ව සිටින කාන්තාවක් කියලා හැමකෙනාම දන්නවනේ.
ඉතින් පසුගියදා ජනාධිපතිවරණ පදවි ප්‍රාප්ති බාල් නර්තනයේදී ඇමෙරිකානු සන්නද්ධ සේවා නිලධාරීන්ට ගෞරව වශයෙන්, එහිදී එක් හමුදා සජාන්වරයෙකුට ඇය සමග නර්ථනයේ යෙදෙන්න අවස්ථාව හම්බවෙලා තියනවා.
29 හැවිරිදි ජෝසෝ මෙඩිනා නම් මෙම හමුදා නිලධාරියා පොඑර්ටෝ රිකෝ ජාතිකයෙකු වන අතර, ඇෆ්ගනිස්ථානයේදී හා ඉරාකයේදී ඔහු ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් සටන් වැඩ තිබෙනවා. ඔහුට ලැබුණු එම අමතක නොවන අවස්ථාවෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ, එම අවස්ථාව ඔහු ලද භාග්‍යයක් බවත් කිසිම දිනෙක ඔහුට එය අමතක නොවනු ඇති බවත්ය. ඔහු විශේෂයෙන්ම පවසා සිටියේ ඇය සමග නර්තනයක නිරත වීමට තමාට ලැබුණු අවස්ථාව පිළිබඳව මෙලිනා ඔහුට සුභ පතු බවයි.