ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය දුර්වල වන බව නවතම වෛද්‍ය වාර්තාවලින් සනාථ වී තිබෙනවා. ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක් කළ පරික්ෂණයකදීයි මේ බව සනාථ කෙරුණේ.
ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බවයි එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. එසේම ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා. එම රෝග ඉක්මනින් සුවවන්නේ නැති බවටද හෙළිවී තිබෙවනවා.
පුද්ගලයෙකු අනිවාර්යයෙන්ම පැය හතක් හෝ අටක් නින්දක් ලැබිය යුතු බවයි එම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන්නේ.