වත්මන් දේශපාලන ලෝකය ඇතුලේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාත් හොද මාතෘකාවක්. කාලෙන් කාලෙට මහින්දගෙ නමට එක එක විදිහේ කතන්දර හැදෙනවා. මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක් වන්නේ මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරයිද කියල.
77 ජේ.ආර්. මහත්තයා සිරිමාවෝ මැතිණියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරල ලොකු රෙකෝඞ් එකකුත් තියල තියෙන නිසා දැන් මහින්දටත් ඒකම වෙයිද කියල තැන තැන කතා වෙනව. මේ කතන්දරේ පත්තුවෙන්න ගත්තේ ඊයේ මහාමාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහත්තයා කට ඇරියට පස්සෙ.
මහින්දගෙ ප‍්‍රජා අයිතිය මේ රටේ ජනතාව දෙපාරක් නැති කරල දැම්මා. ජනාධිපතිවරණයේදිත් පාර්ලිමේන්තු මැතිවරණයේදිත් ජනතාව ඒක කලා. ඉතින් අපිට නැති කරන්න එතුමගෙ ඉතිරි වෙලා තියෙන්නේ මොනවාද? කිරිඇල්ල මහත්තයා ඕක කිව්ව විතරයි, මහින්ද මහත්තයාත් කට පියන් හිටියෙ නෑ.
මේ ආණ්ඩුව ඒකාධිපතිත්වයට යන්නෙ. නඩුත් එයාලගෙ බඩුත් එයාලගෙ. මේ ගොල්ලො බලයට ආවේ මහින්දගෙ ප‍්‍රජා අයිතිය අහෝසි කරන්න අපට බලය දෙන්න කියල නෙවෙයිනේ. බලමු මොකද වෙන්නෙ කියලා.
දැන් ඉතින් දෙබරේ ඇවිස්සිලා ඉවරයි. දැන් කවුරුත් බලන් ඉන්නේ හෙට දවසෙ මහින්දගෙ ප‍්‍රජා අයිතියට මොකක් වෙයිද කියලලූ.
එදා ජේ.ආර්. මහත්තයා මැතිණියට කළ දේම මෙදා මහින්දටත් වෙයිද කියලලු දැන් දේශපාලනයට උනන්දුවක් දක්වන අය බලාගෙන ඉන්නේ. කොහොම වුනත් මේ කතන්දර වල ඇත්ත නැත්ත බලන්න වෙන්නේ ඉදිරි ජාතික මැතිවරණයකදීත් තමයිලු.