තමන්ට සාමාන්ය මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාවගේත් බහුතරයක් වූ ක්‍රිස්තියානි සහ කතෝලික ජනතාවගේත් චන්ද පදනම නොමැති බව 2005, 2010, 2015 ප්රතිපල වලින් රාජපක්ශවරු තේරුම් ගත්හ.බලය වෙනුවෙන් මේ භූමියේ වැඩියෙන්ම අලෙවි කල හැකි මාත්රුකාව ජාතිය ආගම බව ඉතිහාසයේ සිටම අකණ්ඩවම ඔප්පු කර ඇති නිසා, රාජපක්ශවරුද එම යශ්ටියම දෑතින් බදාගත්තේය. 2012/13 අවධියේ සිට නැගෙනහිර තව්හීද් ජමාත් සංවිධානයත් , දකුණේ බොදුබලය, රාවණාබලය, සිංහලේ වැනි අන්තවාදී සංවිධානත් සීරුවට වැඩෙන්නේ රාජපක්ශවරුන්ගේ පූර්ණ අනුග්‍රහය යටතේය.
2012/13 නැගෙනහිර සූෆි මුස්ලිම් වරුන්ට එරෙහිව දිගින් දිගටම අන්තවාදීන් විසින් ප්‍රහාරයන් එල්ල කල විට, තමා එවක ආරක්ශක ලේඛම් ගෝඨාභයට කිහිප විටක්ම පැමිණිලි කලද ඵලක් නොවූ බව උලමාවරුන්ගේ සංගමය ලිඛිත සාක්ශි සහිතව ඔප්පු කිරීමත් , 2014 දී බේරුවල, දර්ගා ආශ්‍රිතව සිදුවූ ප්රහාරය, 2018 දිගන හා අම්පාර සිදුවීම ග්ඒන විපරම් කල බැලීමේදීද ඒ බව මොනවට පැහැදිලිවේ. මේ වන විටා ජාත්‍යාන්තර සංවිධාන වලට පමණක් නොව කාදිනල් වරයා ඇතුලු ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන චරිත හා මාධ්‍යයවේදීන් අතටද ඒවා එකින් එක ලැබෙමින් පවතියි. රාපක්ශ කඳවුර විසින් මෙම මෙහෙයුමට යොදාගත්, සොනික් ලෙස හැඳින්වූ එස් අයි බන්ඩාර, සහරාන් සමග රිජුවම සබඳතා පැවැත්වූ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ FBI විසින් ලබාදුන් IP ලිපිනයෙන් තහවුරු වූ නිළදාරියා දේශබන්දු තෙන්නකෝන් ඇතුලු මේට සම්බන්ධ සියලු දෙනාගේ තොරතුරු හෙළිදරව් වී හමාරය. නුදුරු දිනකදී හඬ පට , වීඩියෝ පට ඇතුලු තවත් සාක්ශි සහ තොරතුරු සියල්ලත් සමග මේ මහා ම්ලේච්ච ප්‍රහාරයේ සියලු තතු ලෝකයාට නිරාවරණය වනු ඇත.
විශේශයෙන්ම මේ සියලු සිද්දීන් පිටුපස සිටි ඉහත කී අන්තවාදී සංවිධාන මෙන්ම ඥානසාර හිමි, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, සරත් වීරසේකර, කමල් ගුනරත්න, ඩෑන් ප්‍රියසාද්,අමිත් වීරසිංහ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන අයගේ දේශපාලන භාවිතාව අධ්‍යයනය කිරීමෙන්ද මේ බව තවදුරටත් සනාත කර ගත හැක. 2019 ආරම්භ කලේම මෙය මැතිවරණ වසරක් බව ප්‍රකාශ කරමිනි.2019 ට පෙර සිටම ප්‍රධාන පාර්ශව ඒ සඳහා පිඹුරුපත් සකස් කලේය. 2016 මුලම එජාපයෙන් විසිවූ මෛයිත්‍රීපාල සිරිසේන ඊලඟ වසර 5 සඳහාත් තම බලය තහවුරු කර ගැනීම උදෙසා 2016 අග සිටම බැසිල් සමග එකතුවී ඉතා සූක්ශම ලෙස සැලසුම් සකස් කරන්නට විය. 2005 දී, එමිල්කාන්තලා හා එක්ව බැසිල් රාජපක්ශලා තම බලය ලබාගැනීම වෙනුවෙන් සිදුකල සාපරාධී පාවාදීම ගැන ටිරාන් අලස්ලා සහ සුද්දයෙන්නම පාපොච්චාරණය කර ඇති නිසා මෙහිදී ඔබට අමුතුවෙන් මතක් කර දිය යුතු නැත. ඉන්පසු එම කූට ගනුදෙනු වලින් අසරණ මිනිස් ජීවිත කීයක් නම් බිලිගන්නට ඇත්දැයි කිසිවෙකුට වගේ වගක් නැත.නමුත් යුද්ධය දිනවූ සහ මාතෲ භූමිය රැකගත් විරුවන් ලෙස “රාජපක්ශවරු“ තවමත් අදහන ජනතාවක් මේ භූමියේම ඇත.
ක්‍රම ක්‍රමයෙන් හිරු, දෙරණ ප්‍රධාන තම අසික්කිත ප්‍රචාරක ජාලය හරහා මුස්ලිම් විරෝධය සීරුවට වපුරමින් ඒ හරහා අහිමිවෙන චන්ද ප්‍රමානයට කතෝලික , ක්‍රිස්තියානි චන්ද පදනමට ආමන්ත්‍රණය කිරීම රාජපක්ශවරුන්ගේ උපාය විය. 2018/04/08 දින රාජ්‍යය බුද්ධි අධ්‍යයක්ෂක නිලන්ත ජයවර්ධන විසින් ත්‍රස්ත විමර්ශන ඒකකය සහරාන් සම්බන්ධයෙන් කරන සියලු පරීක්ශණ නවත්වන ලෙස ලිඛිත ඉල්ලීමක් කරන ලදි. ඒ 2017 මාර්තු මාසයේදී නාලක සිල්වා මහතා විසින් සහරාන්ව අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද ලබාගෙන තිබූ පසුබිමකය. සහරාන් වෙනුවෙන් අදිසි දේශපාලන හස්තයක් ක්රියාත්මක වන බව තේරුම්ගත් නාලක සිල්වා මහතා නැවතත් 2018 ජූලි මාසයේදී සහරාන්ව කෙසේ හෝ අත් අඩංගුවට ගැනීම සඳහා කොලඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවුර්ත වරෙන්තුවක් හා ජාත්‍යාන්තර පොලීසියෙන් නිල් නිවේදනයක් ලබා ගන්නා ලදි. නාලක සිල්වා වෙනුවෙන් “නාමල් කුමාර“ නාටකය පටන් ගන්නේ ඉතිරි සැලකුම් ක්‍රියාත්මක කිරීමට නම් නාලක සිල්වාව ඉවත්කල යුතුම බැවිනි. සියලු අන්තවාදී කල්ලි සීරුවෙන් තැබීමටත්, තම සහචර මාධ්‍යය ආයතන සූදානම් කිරීමටත් වුර්තීය සමිති නායකයින් සහ හිටපු හමුදා ප්‍රධානීන් බිලිබා ගැනීමත් මූලික අදියරේදී සිදුවිය. සෑම දිස්ත්‍රිකයකම, දිස්ත්‍රික් සමාජජාල කණ්ඩායමක් නිර්මාණය කෙරින.
ක්‍රියාකාරී සාමාජිකයන්ට ස්මාර්ට් ජංගමදුරකථන තෑගි කෙරින. කොළඹින් එන පණිවිඩ ඒ මොහොතේම සියලු දෙනා අතරේම බෙදා හැරීම ඔවුන්ට පැවරුන ප්‍රධාන වගකීම විය. දේශපාලන බලය හමුවේ වුවද රිජුව සිටි දක්ශ නිළධාරියෙකු වූ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ DIG නාලක සිල්වාව සහරාන්ලගේ ක්‍රියාකාරකම් වලට මහත් බාධාවක් විය. 2018/10/07 - අගමැති රනිල් හා ආරක්ශක රාජ්‍යය ඇමති රුවන් විජේවර්ධනත්, පොලිස්පතිත් සහභාගි වූ අවසාන ආරක්ශක මණ්ඩල රැස්වීම සිදුවිය. (සෑම අඟහරුවාදා දිනකම ආරක්‍ෂක මණ්ඩලය රැස්වීම සිදුකරයි) 2018/10/25 දින නාලක සිල්වා මහතා අත් අඩංගුවට ගන්නා ලදි. 2018/10/26 දින ඉතා කුමන්ත්‍රණ කාරී ලෙස, ව්‍යාවස්ථාව උල්ලංගනය කරමින් මෛත්‍රී - මහින්ද ආණ්ඩු බලය ලබාගන්නා ලදි. (සියලු සැලසුම් සිදුවන්නේ බැසිල්ගේ අණින්ය) ඔහුට ඒ මොහොතේ අවශ්‍ය වූයේ ආණ්ඩු බලය ලබාගැනීම නොව, කිසියම් කාලයකට රට අස්තාවරකොට විභාග වෙමින් පැවති තම පවුලේ නඩු සියල්ල දීර්ඝ කර ගැනීමත්, ආරක්‍ෂක අංශ වල අවධානය වෙනතකට යොමු කිරීමත්ය. මෛයිත්‍රී, බැසිල්ගේ සැලසුමට නොදැනුවත්වම හසු විය. රටේ අර්බුදය එලෙස පවතිද්දී නව ආරක්ශක ලේකම් ලෙස කිසිඳු විශේෂඥ දැනුමක් නැති හේමසිරි ප්‍රනාන්දු මහතාව පත්කිරීමත්, අනතුරුව හමුදාවන් වල බුද්ධි අංශ ප්‍රධානීන් වෙනස් කිරීමත් සැලසුම් වලට අනුව සිදුවිය. හේමසිරි ප්‍රනාන්දුට රට පත්ව ඇති වර්තමාන තත්වය ගැන සිතනවා මිස ඒ මොහොතේ සහරාන් හෝ අනෙකුත් අන්තවාදී කල්ලි ගැන වගේ වගක් නොමැති විය. ඒ අවසරයෙන් සහරාන් කල්ලිය 2018/11/30 දින මඩකලපුව වව්නතිව් හිදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ඝාතනය කරන ලදි.
වහා ක්‍රියාත්මකවූ සැලසුම්කරුගේ මාධ්‍යය කල්ලිය “මහවිරු දිනය“ සැමරීමට LTTE සාමාජිකයින් විසින් කරන ලද්දක් බවත් නැවත උතුරේ කොටි නැගිට ඇති බවත් මේ රජය කිසිඳු පියවරක් ගෙන නොමැති බවත් පවසමින් රට තුල භීතියක් හා කැළඹීම් සහගත තත්වයක් නිර්මාණය කිරීමට විශාල උත්සහයක් දැරීය. නමුත් ඔවුන් බලාපොරොත්තු වූ පරිදී කැළඹිලි ස්වභාවයක් රට තුල ඇති නොවිණි. මෙය ඉතාමත් සැලසුම් සහගතව හමුදා බුද්ධි අංශය විසින් ආමි මොහිදීන් ලවා සිදු කල ප්‍රහාරයක් බව මේ වන විට සනාත වී හමාරය. අංක වෙනස් කරන ලද ගිනිඅවි, ඒවා ලබා ගත් ආකාරය, උන්ඩ සහ ඒවාට අදාල සියලු රස පරීක්ශක වාර්තා පවා ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කර අවසානය. ව්‍යාවස්ථා කුමන්ත්‍රණය පරදා නැවතත් රනිල් ආණ්ඩුව බලය ලබා ගැනීමට කටයුතු කලත්, මයිත්‍රී - බැසිල් සැලසුමේ ඊලඟ පියවරට සූදානම් විය. අගමැති, රාජ්‍ය ආරක්ශක ඇමති, පොලිස්පති නොමැතිව ඉතිහාසයේ ප්‍රථම වරට දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවැන්න යන විපක්ශ මන්ත්‍රීවරුන් සමඟ ආරක්ශක මන්ඩලය රැස්කිරීමට මයිත්‍රී කටයුතු කලහ. එමෙන්ම ආරක්ශක ඇමති දූරයට අමතරව, පොලීසිය අයිති නීතිය හා සාමය අමාත්‍යංශත් මයිත්‍රී විසින් තමා යටතට පවරා ගන්නා ලදි. ඊළඟට කල යුතු වන්නේ දකුණේ අන්තවාදී කල්ලි හා වුර්තීය සමිති වලින් ප්‍රයෝජන ගැනීමයි. රට තුල මුස්ලිම් කඩ වර්ජනය කිරීමේ රැල්ල ආරම්භ විය.
දුම්රිය හා වෛයිද්‍යවරුන්ගේ සංගමය වුර්තීය ක්‍රියාමාර්ග ආරම්භ කලහ. සලෛ යනු තාජුඩීන්, ලසන්ත ඇතුලු මෙහෙයුම් ගනනාවක් රාජපක්ශවරුන් වෙනුවෙන් සිදුකල සාහසිකයාය. එමෙන්ම සහරාන්, ආමි මොහිදීන් ඇතුලු කල්ලිය වැටුප් ගෙවා රජයේ බුද්ධි මෙහෙයුම් වලට බඳවා ගත්තේද සලෛ විසින්ය. මැලේ ජාතිකයෙකු වූ සලෛට දකුණේ ඣ්හාණසාරලාව පෙන්වා සහරාන්ලාව කුපිත කරවීම කජ්ජක් තරම් විය.ඔවුන්ගේ මොළ සේදීම මැලේසියාවේ සහ ඉන්දියාවේ කල් ගත කරමින් සලෛ විසින් සිදු කරන ලදි. ඔවුන්ට සැබැවින්ම ඕනෑ වූයේ අවම ජීවිත විනාශයකින් රට අස්තාවර කිරීම හා ජාතික ආරක්ශාව යන මාතෘකාව කරලියට ගැනීමය. නමුත් අන්තවාදයෙන් හිනිපෙත්තටම ගොස් සිටි සහරාන් කල්ලියට ඕනෑ කලේ මිනිසුන්ගේ ලේ ය. වැදගත්ම කරුණ නම් වව්නතිව් සිද්ධිය පසුපස එවක අපරාධ පරීක්ශණ දෙපාර්තමේතුවේ අධ්‍යක්ශ ශානි අබේසේකර ඇතුලු කන්ඩායම හඹායාමට පටන් ගැනීමත් සමගම මෙම සම්පූර්ණ සැලසුම්වල මහමොළකරු විසින් සාක්ශි වසන් කිරීමට හා නොමග යැවීමට එවක රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශ නිලන්ත ජයවර්ධනව භාවිතා කරමින් කූට උපක්‍රම ග්ණනාවක්ම යෙදවීමට කටයුතු කිරීම. කෙසේ වෙතත් ශානිගෙන් ඒ කිසිවක් වසන් කිරීමට ඔවුන්ට නොහැකි විය. පාස්කු සිද්ධියේ මහමොළකරුගේ සිට සියළු සැලසුම් එකින් එක දිග හැරෙන්නේ වව්නතිව් සිද්ධිය සම්බන්ධව ශානි සිදුකල පරීක්ශන නිසාවෙනි.
බැසිල්ගේ ඉලක්කය වූයේ 2019 නොවැම්බර් ජනාධිපතිවරණය හා ඉන් අනතුරුව එන මහ මැතිවරණයයි. සැබැවින්ම බැසිල්ට ඕනෑ කලේ රාජපක්ශවරුන්ට තනි බලයක් ලබා ගැනීම විනා මෛත්‍රී සමග බෙදාගෙන කෑම නොවේ.එම නිසා බැසිල් විසින් මයිත්‍රී අසමත් සහ පරඬැල් නායකයෙකු බවට ජනතාවට ඒත්තු ගැන්වීමට තම මාද්‍ය නඩය මෙහෙය වීය. නමුත් මෛත්‍රී හිටියේ වෙනම යටි අදහසකය, 19 වන ව්‍යවස්තාවෙන් පසුව අගමැති භූමිකාව ගැන ඔහු හොඳින් දනී, ඝෝඨාව ජනාධිපති පුටුවේ වාඩි කරවීම යනු තමන් නිසැකයෙන්ම අගමැති වීම බව ඔහු සිතා සිටියේය. ඔහු ක්‍රියාකලේ එම අරමුණෙන්ය. බැසිල් හා මෛත්‍රී අතර තිබූ එකඟතාවයද එයමය. නමුත් රාජපක්ශවරු යනු මේ තරම්ම සටකපට නූල් සූස්තර කරුවන් බව මෛත්‍රී නොසිතූහ. ඒ අරතුර රට අස්තාවර කිරීමේ වැඩ පිලිවෙලද දිගටම ක්‍රියාවට නැංවීය. මෙය තමන්ට ලැබෙන අන්තිම අවස්තාව බවත්, බලය නොලැබුනහොත් සියලු රාජපක්ශවරුන්ට ජීවිතාන්තය දක්වාම සිරදඬුවම් විඳීමට සිදුවෙන බවත් රාජපක්ශ කඳවුර සහසුද්දයෙන්ම දන්නා කරුණකි.
එම නිසා මේ මොහොතේ තමන් සතු සියලු තුරුම්පු පාවිච්චි කල යුතු බව ඔවුන් අදිටන් කර ගත්හ. සියලු ධර්මතාවයන් වලට විරුද්ධව වමින් සහරාන්ව මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වෙනුවෙන් භාවිතා කරන්නේ ඔවුන් සතු අවසාන තුරුම්පුව ලෙසය. එම මිලේච්ඡ සැලසුම ක්රියාත්මක ක්‍රියාත්මක කිරීමට බාර වන්නේ යුධහමුදා බුද්ධි අංශයේ ප්‍රධානී බ්‍රිගේඩියර් සුරේශ් සලෛටය. ප්‍රහාරයෙන් සතියක්වත් යන්නටත් මත්තෙන් තමා ජනාධිපති සටනට ඉදිරිපත් වන බව ඝෝඨා එලිපිට ප්‍රකාශ කරන ලදි. 2019/04/04 දින ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් මුලින්ම බුද්ධි තොරතුරක් ලැබෙන්නේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශක නිලන්ත ජයවර්ධනටය. සාමාන්‍යයෙන් බුද්ධි තොරතුරු එක්රැස් කිරීම,ඒවා ආරක්ශක ලේඛම් ජාතික බුද්ධි ප්‍රධානී, පොලිස්පති සහ හමුදා බුද්ධි ප්‍රධානීන්ට සන්නිවේදනය කරනුයේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශක විසිනි. 2019/04/09 දින පැවැත්වීමට නියමිත ආරක්ශක මණ්ඩලයේ රැස්වීම සඳහා, 04/08 දින රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශක ඇතුලු ආරක්ශක අංශ ප්‍රධානීන් රැස්වී න්‍යාය පත්‍රය සකස් කිරීම සිදුකර ඇත. ඒ මොහොතේදී හෝ තමන් වෙත ලැබී ඇති බුද්ධි තොරතුර පිළිබඳව ඔහු සාකච්ඡා කර නොමැත. කාත්තන්කුඩි පොලීසිය විසින් පරීක්ශණ සිදුකර කරුණු වාර්තා කිරීමත් සමග, 2019/04/19 දින රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශක විසින් තමන්ට ලැබී ඇති බුද්ධි තොරතුරු පිළිබඳවත්, වහා ක්‍රියාත්මක වන ලෙසත් යුධහමුදා බුද්ධි අංශ ප්‍රධානීන්ව සහ අනෙකුත් ආරක්ශක අංශ ප්‍රධානීන්ව සහ අනෙකුත් ආරක්ශක අංශ ප්‍රධානීන්ව දැනුවත් කිරීම සිදු කර ඇත.
සියලු හිඩැස් වලින් රිංගා යමින්, බල ලෝභී දේශපාලන අරමුණු වෙනුවෙන් අහිංසක ජීවිත 271 ක් අහිමි කරමින් සහ තවත් 400 ගාණකට තුවාල සිදුකරමින්, ලොවක් කඳුලින් නහවා බෝම්බ ප්රහාරය එල්ල විය. කල්තියාම කාදිනල් ඇතුලු ක්‍රිස්තියානි සභාව පාලනය කර ගැනීම සහ මෙහෙයවා ගැනීම මහින්දට බාර විය. අනතුරුව 2019/04/09 දින පැවැත්වූ ආරක්ශක මණ්ඩල රැස්වීමේදී ආරක්ශක ලේඛම් හේමසිරි ප්‍රනාන්දු විසින් එම බුද්ධි තොරතුරු පිළිබඳව කරුනු දක්වන ලෙස සියල්ලන්ම ඉදිරියේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශක නිලන්ත ජයවර්ධන පවසන ලදි. නමුත් ඉදිරියේදී ඒ පිළිබ්ඳව සවිස්තර සටහනක් සකස් කර ගැනීමට සලස්වන බව පවසා ඒ මොහොතේදීද එල්ලවීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයේ බුද්ධි තොරතුර ගැන සාකච්ඡා හෝ ක්‍රියාමාර්ග ගැනීමක් සිදු නොවුනි. එදිනම සියලුම ආරක්ශක අංශ ප්‍රධානීන් ඉදිරියේ මේ පිළිබඳව සාකච්චා කලේ නම් කිසි ලෙසකින් වත් මෙම ප්‍රහාරය සිදු නොවනු ඇත. 2019/04/16 දින කාත්තන්කුඩි ප්‍රදේශයේදී මෝටර් සයිකලයක් පුපුරුවා හරිමින් සහරාන් කල්ලිය පෙර පුහුණුවීමක්ද සිදුකර ඇත. ප්‍රහාරයෙන් පසුව ඇතිවන ඕනෑම තත්වයකට මුහුණ දීම සඳහා බැසිල් විසින්, නීතිය හා සාමය ඇමතිකම තමන් යටතේම තබා ගන්නා ලෙස මෛත්‍රීට දන්වන ලදි. පොලීසිය සහ සියලු ආරක්ශක අංශ ආරක්ශක අංශ ක්‍රියාත්මක වියයුතු වන්නේ එවිට මෛත්‍රී යටතේය.
Protocol එකකට අනුව ගණුදෙණු කල යුතු වන්නේ ආරක්ශක ලේඛම්, පොලිස්පති හා ජාතික බුද්ධි ප්‍රධානී සමගය, නමුත් ඔහු ඉතා සමීපව ගනුදෙනු කරා ඇත්තේ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ශක නිලන්ත ජයවර්ධන සමඟ බව කරුනු ඇතුව ඔප්පුවී හමාරය. මෛත්‍රී රටින් පිටවන විට ආරක්ශක ඇමතිකම කාට හෝ පැවරීම සිරිතය, නමුත් මේ මොහොතේ එය සිදුවී නොමැත. එපමණක්ද නොව තමා නොමැති මොහොතේ අගමැති නියම කරන කිසිඳු ක්‍රියාවක් නොකරන ලෙසත්, සාකච්ඡා සඳහා සහභාගි නොවන ලෙසත් ආරක්ශක ලේඛම් ඇතුලු රජයේ ප්‍රධානීන්ට නියෝග කොට යෑමද ඔහු අමතක නොකරන ලදි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව අනුවද, ඔහුගේ පරස්පර සාක්ශි හමුවේ මෛත්‍රී කොටුවී හමාරය. අනතුරුව නිලන්ත ජයවර්ධනටද සියල්ල වැමෑරීමට සිදුවනු ඇත. ඝෝඨා, බැසිල්, සලෛ සිතුවේ තමුන්ගේ වසර ගණනාවක සැලසුම්සහගත මෙහෙයුම අවසානයි කියාය. නමුත් මේ සියල්ල දෙස මෛත්‍රී උරණව බලා සිටියේය. තමන්ව සූක්ෂමව රාජපක්ශවරු මේ සඳහා මාට්ටු කිරීමට උත්සහා දරන බව මෛයිත්‍රී අවබෝධ කර ගත්තේය. වහා ක්‍රියාත්මක වූ මෛයිත්‍රී, තමුන්ට රාජපක්ශවරුම භාවිත කල උපක්‍රමයම භාවිතා කරමින්, ඔවුන්ට මහත් ලෙන්ගතු කමක් පෙන්වමින්, තමන්ගේ උපාය දූතයන් යොදා, මෙයට අදාළ සියළු සාක්ෂි, ළිපි ගොනු සොයා ගනිමින් ඒවා රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන ලදි. ඤාණසාර හිමි සිර ගෙදර සිට සිදුකල සියලු මෙහෙයුම්ද, මූල්‍ය. ජාලය මෙහෙයවමින් උදයංග වීරතුන්ගලා, නිශ්ශංක සේනාධිපතිලාමේ සඳහා දැක්වූ දායකත්වයද, බෝම්බ නිශ්පාදනය සහ පුහුණුව සඳහා කරුණා අම්මාන්ලා ලබාදුන් දායකත්වයද, පරීක්ශණ වෙනතකට යොමුකිරීම සඳහාදෙරණ හිරු මාධ්‍ය නාලිකා එක්වී, චන්න ජයසුමන, රතන හිමි ඇතුලු නඩය විසින් රඟ දැක්වූ සාෆි, බදූර්දීන්, හකීම් නාටක පිළිබඳවද මේවන විට හෙලිදරව් වී හමාරය. බලාපොරොත්තුවූ කෝළහල දකුණේ ඇති නොවූ නිසා, පාස්කු ප්‍රහාරයෙන් මසකට පමණ පසුත් හෙට්ටිපොල ඇවිලීමට ගිය, මදු මාධව, නාමල් කුමාර ලාද ඉහත කී සාක්ෂි තවදුරටත් තහවුරු කර ඇත.