කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය මෙය වන අතර පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම මේ ආයෝජනයට සූදානම් වේ. මෙම ආයෝජනය සඳහා නුදුරේදීම ගිවිසුම් අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ.ඩො. මිලියන 43 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත. ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව නිවාස ඒකක 700ක් ඉදි කිරීමට නියමිත අතර මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ ලබාදීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.
කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය මෙය වන අතර පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම මේ ආයෝජනයට සූදානම් වේ.
මෙම ආයෝජනය සඳහා නුදුරේදීම ගිවිසුම් අත්සන් කිරීමත් සමග ව්‍යාපෘතිය සඳහා අදාළ භූමිය එම සමාගමට බදු පදනම මත ලබාදීමට නියමිත අතර එහිදී බදු කුලිය ලෙස ඇ.ඩො. මිලියන 43 ක මුදල ශ්‍රී ලංකා රජය වෙත ලැබෙනු ඇත.
ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව නිවාස ඒකක 700ක් ඉදි කිරීමට නියමිත අතර මීට අමතරව සිල්ලර සහ ආහාර වෙළෙඳසල් සඳහාද ගොඩනැගිල්ල තුළ ඉඩකඩ ලබාදීමට නියමිතය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා ලෙස, අදාළ සමාගමට ආයෝජන කටයුතු සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.