අවස්තා දෙකකදී සිංගපූරුවේ පිහිටි මවුන්ට් එලිසබෙත් රෝහලෙන් බෙහෙත් ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට මෙවර ලාංකීය රෝහලකින් ප්‍රතිකාර ගැනීමට සිදුවී ඇත. එක් වරකදි ඔහු ජනාතිපති අරමුදලෙන් ලක්ශ 150ක මුදලක් තම ප්‍රතිකාර සඳහා යොදා ගැනීම ජනතා විමුක්ති පෙරමුනේ අනුර කුමාර මහතා විසින් පාර්ලිමේන්තුව තුලදී දැඩිව විවේචනය කරන ලදි. නමුත් රාජිත මහතා අවස්තා ගනනකදී කියා සිටියේ ඔහුගේ ආරක්ශාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති හෙයින් මෙරට තුලදී ප්‍රතිකාර ගැනීමේදී ඔහුගේ ජීවිතයට විශාල අවධානමක් ඇති බවයි. යහපාලන රජය සමයේදී තමන්ගේ ආරක්ශාවවත් සලසා ගැනීමට නොහැකි බව රාජිත මහතා කියන බැවින් මහ ජනතාවට ආරක්ශාව නොලැබීම ගැන අප පුදුම වන්නේ නැත. රාජිත මහතා අත් අඩංගුවට ගැනීමත් සමග රජයේ බන්ධනාගාර රෝහල ඉතා ආරක්ශාකාරී රෝහලක් වූයේ කෙසේද යන්න අපටද පුදුමයකි. රජයේ මුදල් අනවශ්‍ය ලෙස පරිහරණය කර එය සාධාරණීකරනය කිරීමට අතේ පැලවෙන බොරු කීම ඇමතිවරුන්ට සුළු දෙයකි.
December 28, 2019
දොස්තර රාජිත සිංගප්පූරු නොගොස් බෙහෙත් ගනී.
2019-12-28T04:48:00+05:30
Sinhala Sandeshaya