රිය අනනතුරක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රනවක මහතා අත් අඩංගුවට ගැනීම සිදුවිය. වසර කීපයකට පෙර සිදුවූ මෙම රිය අනතුර නිසා සන්දීප් නැමති තරුනයා හට ඇවිදීමට මෙන්ම කතා කිරීමටද නොහැකිවිය. තත්වය තවමත් එසේය. රිය අනතුරක් සිදුකර පලා යාම, වෙනත් රියදුරෙක් ඒ සඳහා ඉදිරිපත් කිරීම, වින්ධිතයා හට සාදාරනයක් නොකිරීම යන කරුණු නිසා ඔහුට ලද චෝදනාවන් විය. කෙසේ නමුත් මෙම අතඩංගුවට ගැනීම ඉක්මන් වීම පිලිබඳව දේශපාලන පලිගැනීමක් තිබෙන බව ඉතා පැහැදිය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්දයෙන් හෝ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් කිසිදු ඉක්මන් ප්‍රතිචාරයක් අපට දැකගන්නට නොහැකි විය. රටට වින කල පුද්ගලයින්ට ප්‍රථම පවුලට එරෙහිව යන පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වීම පිලිකුල් සහගතය. අතීතයේද එවැනිම සිදුවීම් අපට දක්නට ලැබුනි.සරත් ෆොන්සේකා, ශිරාණි බන්ඩාරනායක එයට පැහැදිලි උදාහරණයන් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රනවක මහතා අත් අඩංගුවට ගැනීම ඉතාම හදිසියේ සිදුවූවක් බව ඉතා පැහැදිලිය. වරද කවුරුන් කලත් වරද වේ. එහෙත් මහ රෑ මිතුරන් සමග අධිබලැති එන්ජින් ධාරිතා සහිත යතුරුපැදි අදික වේගයෙන් ධාවනය ගැනද සොයා බැලිය යුතුමය. අධිබලැති යතුරුපැදි ධාවනයට අවසර ලබාදීමට සම්බන්ධ නීති වෙනස් කිරීමට මූලිකත්වය ගත් නාමල් රාජපක්ශ මහතාද මෙහි කොටස් කරුවෙකි.
December 21, 2019
වාහන හප්ප ගන්නේ නැතිව හොරකම් කීරීම
2019-12-21T18:44:00+05:30
Sinhala Sandeshaya
politics|