January 9, 2020

මද්‍රසා පාසල් අහෝසි කරන්නේ නැහැ..! ඒවා ලියාපදිංචි කිරීමට පියවරගත යුතුයි – අගමැති මහින්ද



මද්‍රසා පාසල් අහෝසි කිරීම කිසිසේත්ම කල නොහැකි බවත් මෙම මද්‍රසා පාසල් නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කොට ලියාපදිංචි නොවුණු මද්‍රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සමාලෝචන රැස්වීමට එක්වෙමින් .
බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික අංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (08) පස්වරුවේ පැවැත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.