මෙම දීමනාව ලබාදීම සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 07 වනදා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට 2020 ජනවාරි 02 වනදා පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත පෙරේදා (07) ලිඛිතව දැනුම් දී ඇත.
වත්මන් ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයක සිර වී සිටින මොහොතක රජයේ සාමාන්‍ය සේවකයන්ගේද දීමනා කපා හැරීමට සිදුවන තත්වයක් උද්ගතව ඇති බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙයි.
මේ වනවිට බඩුමිල පවා දැරීමට අපහසු තරම් අධික ලෙස ඉහළගොස් ඇති අතර සාමාන්‍ය ජනතාව අන්ත පීඩාවට පත්ව ඇත.