මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේදී එජාප මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අවස්ථාවේ ඔහුට සිප වැළඳගැනීමට ඉඩ දුන් පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට එරෙහිව කටයුතු කිරීමට පොලිසිය සුදානම් වනවා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් පොලිස් මූලස්ථානය විසින් මෙම පරීක්ෂණය පවත්වනු ලබනවා. එම වැලඳගැනීම කරන අවස්ථාවේ නිලධාරියා ඊට විරුද්ධතාවය නොදැක්වූයේ මන්දැයි විමසීමට පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඒ අනුව පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාට විනය ක්‍රියාමාර්ග ගැනීමටයි උපදෙස් ලැබී ඇත්තේ.
රන්ජන් රාමනායක මහතාට එරෙහිව අදාළ හඬ පට පිළිබඳව තොරතුරු මුලින්ම ලැබී ඇත්තේ ද මෙම පොලිස් නිලධාරියට වන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සිදු කළේ ද පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතායි.
එවැනි තත්ත්වයක් මත එම නිලධාරියා සම්බන්ම්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මිරිහාන පොලිස් නිලධාරීන් පිළිකුල් සහගතව අදහස් දක්වන බව පොලිස් මුලස්ථානයට ද වාර්තා වී තිබෙනවා.